an acorn is a chav
for earn
Monday, November 30, 2009
Tuesday, November 17, 2009
Torrent File Download කිරීම ආරක්ෂිත ද?
අපි කවුරුත් අපට අවශ්‍ය Films, Software ආදිය Download කරන්න බහුලවම යොදා ගන්න ක්‍රමයක් තමා Torrent File. අපි මේකට Bit Torrent , utorrent වගේ මෘදුකාංග පාවිච්චි කරනවා. මමත් Film Download කරන්න ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ Torrent තමයි. TorrentZ , Thepiratebay , Demonoid වැනි විවිධ අඩවි මගින් අපට Torrent File Download කරන්න පුලුවන්. මේ මගින් අපට අලුත් ම Software, Film ආදිය පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් වීම තමා ප්‍රධාන වාසිය. ඒ වගේම නීති විරෝධී වුනත් බොහෝ දෙනා පාවිච්චි කරන්නේ මේ අයුරින් Download කර ගත්ත Software තමයි.
මෙහිදි මම දන්න විදියට සිද්ධ වෙන්නේ අන්තර්ජාලයට යම් අයෙක් Torrent File එකක් ඇතුළත් කල පසු වෙනත් අය Download කිරීමේදී එම අය අතර Network එකක් ඇතිවී එක් එක් අයගෙන් කොටස් වශයෙන් File එක Download වීමයි. එහිදී අප යම් කොටසක් Download කර ගත්තේ නම් වෙනත් අයෙක් එම Torrent File එකම Download කරන විට අප පරිගණකයෙන් ද වෙනත් අය වෙත එය කොටස් වශයෙන් යාමයි Peer To Peer Network ලෙස හඳුන්වන්නේ මෙයයි. එනම් මෙහිදී අපගේ පරිගණකයේ ඇති දත්ත වෙනත් අයට කියවීමට ඉඩ සැලසෙනවා. අපි පරිගණකයේ අපගේ වැදගත් පුද්ගලික තොරතුරු ගබඩා කොට ඇත්නම් එම තොරතුරු වෙනත් අප නොදන්නා අයකුට ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. එසේම අපට අනවශ්‍ය දේවල්ද මේ සමග අපගේ පරිගණකයට ඇතුලත් විය හැකියි.
මේ අයුරින් බලන විට Torrent මගින් කිරීමත් භයානක දෙයක් වගේ. නමුත් අපගේ අවධානය මේ පිලිබදව වැඩියෙන් යොමු කලොත් ආරක්ෂිත ව මේ කටයුත්ත කර ගැනීම අපහසු නැහැ. iProtectYou Pro Web Filter වැනි වැඩසටහන් මගින් අපට මෙවැනි Peer To Peer වැඩසටහන් වල අහිතකර තත්වය වලක්වා ගන්න පුළුවන්.
Monday, November 16, 2009
MOBITEL එපා වීම
මෙවර සුමති සම්මාන උළෙලේදී හොදම වෙළද දැන්වීමට තේරිලා තියෙන්නේ මොබිටෙල් දැන්වීම. දෙවෙනි තැන Dialog. තුන් වෙනි තැන Lanka Bell. ඒකෙන් තේරෙනවා මේ ආයතන අතර තියෙන තරගය. ප්‍රථම ස්ථාන තුනම ලබා ගෙන තියෙන්නේ දුරකථන සමාගම්.
මමත් මුලින් ඩයලොග් පාවිච්චි කරල Tigo වලට මාරු වුනේ තත්පරයට අය කිරීම ගැන හිතල. ඒත් මොබිටෙල් උපහාර පුදන්න පටන් ගත්තාට පස්සෙ මම මොබිටෙල් වලට මාරු වුනා. දැන් චණ්ඩියා වගේ හතර අතේ calls ගන්නවා.
Mobitel එක ඉස්සර නම් Balance Entitlement එක උදේ 10ට විතර එවුවා. ඒත් ලගදි ඉදල අපි නිදා ගන්නවට අකමැති හින්දද කොහෙද Balance එක දන්වන Massage එක එවන්නේ රෑ 12ට විතර. ඒක බැලුවාට පස්සෙ රෑට නින්ද යන්නෙත් නැහැ. ඒකත් අපේම පව.
ඒ මදිවට ලගදි ඉදන් ගෙදරට කණු( Tower ) දෙකකින් signal එනවා. වෙලාවකට එකකින් වත් නෑ. Call එකක් ගන්න ගියා ම එපා වෙනවා. හැම වෙලේම alert එනවා. යාළුවන්ගෙන් බැනුම් අහල ඉවරයක් නෑ. දැන් නම් එපා වෙලා තියෙන්නේ. උපහාර අත අරින්නත් බැහැ. Dual sim එකක් අරගෙන Dialog Sim එකකුත් දාගන්නත් හිතෙනවා. ඒත් Chinese ජරාව මට පේන්න බැහැ.
මගෙ යාළුවෙකුට නම් මෙහෙම වෙලා Mobitel එකට කතා කරලා අක්ක කෙනෙකුට හොදට අමතල තියෙනවා. පහුවදාම Mobitel එකේ Engineer කෙනෙක් ඇවිත් බැලුවලු. ඒත් අපි පොඩි එවුන්නෙ. හරියට බණින්නත් දන් නෑනේ. ඒක නිසා එහෙම කරන්නත් බැහැ. තව ටිකක් ඉවසල බලනවා. සමහර විට හරි යන්නත් පුළුවන්. බැරි ම වුනොත් Chinese Mobile පිහිට තමා.
Friday, November 6, 2009
නව නිර්මාණ කරුවන්ට Sony Ericsson Theme Creator
ජංගම දුරකථන ගැන කතා කරන්න ගියොත් ආයෙ දෙකක් නැහැ Sony Ericsson හෝ Nokia තමයි. කොච්චර Chinese දුරකථන ආවත් මේවාගේ තියෙන පහසුකම් ලගින්වත් තියන්න බැහැ. මේ අතරින් Sony Ericsson ටිකක් විශේෂයි. Sony Ericsson දුරකථනයේ Sound Quality එක උපරිමයි. සාපේක්ෂව මිලත් සාධාරණයි. ඒ වගේම Sony Ericsson නව නිර්මාණ කරුවන්ට ඔවුන්ගේ දක්ෂතා එලි දැක්වීමට වැඩි සහයෝගයක් ලබා දෙනවා කියලා මට හිතෙනවා. Sony Ericsson ජංගම දුරකථන වල Theme තමන්ට කැමති විදියට වෙනස් කර ගන්න ඔවුන් Theme Creator මෘදුකාංගයක් ඔවුන්ගේ වෙබ් අඩවියෙන්ම ලබා දෙනවා. එමගින් ඔවුන්ගේ ඕනැම ජංගම දුරකථනයක් සදහා Theme නිර්මාණය කරන්න පුලුවන්. එසේම එම මෘදුකාංගය ඕනෑම අයෙකුට භාවිත කරන්න හැකි වන ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. එමගින් අපට අලුත් Theme නිර්මාණය කරන්න, නැතිනම් වෙනත් Theme එකක් අපට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්නත් පුලුවන්. අපි නිර්මාණය කරන Theme එකට අපේ විස්තර ඇතුලත් කරන්නත් පුලුවන් විදියට මේක හදල තියෙනවා. අපේ ජංගම දුරකථනය අපට අවශ්‍ය විදියට වෙනස් කරගන්න කියාපු මෘදුකාංගයක් මේක. මමත් මගේ ජංගම දුරකථනයේ පාවිච්චි කරන්නේ මම හදපු Theme විතරයි. මේ මම හදපු Theme එකක්. ඉගෙන ගන්න අමාරු නැහැ. තනිවම ඉගෙන ගන්නත් පුලුවන්. ඔයාලටත් මෙතනින් ඔවුගේ වෙබ් අඩවියට ගිහින් මෙම මෘදුකාංගය නොමිලේ Download කරගන්න පුලුවන්.
ජංගම දුරකථනයටත් සිංහල ශබ්ද කෝෂයක් Thilina English- sinhala Dictionary
දැන් ඉංග්රීgසි සිංහල ශබ්දකෝෂයක් අපේ ජංගම දුරකථනයටත් ඇතුල් කර ගන්න පුලුවන් වෙලා. E TONE IT & ELECTRONICS කියන අය තමයි මේක හදල තියෙන්නේ. නරකමත් නැහැ. මිලත් සාධාරණයි. රුපියල් 100.00 විතර වෙන්නේ. අපේ රටේ දෙයක් නිසා අපේ සහයෝගය දෙන්න ඕනේ. මේ නිසා ජංගම දුරකථනය තව තවත් සිංහලයන්ට ලං වෙලා. ඩවුන්ලෝඩ් කර ගන්න ඕනෙ නම් මෙතනින් යන්න.
http://tdic.110mb.com
http://www.getjar.com/products/28413/ThilinaDictionary
http://tdic.110mb.com
http://www.getjar.com/products/28413/ThilinaDictionary
Thursday, November 5, 2009
Subscribe to:
Posts (Atom)





