මෙවර සුමති සම්මාන උළෙලේදී හොදම වෙළද දැන්වීමට තේරිලා තියෙන්නේ මොබිටෙල් දැන්වීම. දෙවෙනි තැන Dialog. තුන් වෙනි තැන Lanka Bell. ඒකෙන් තේරෙනවා මේ ආයතන අතර තියෙන තරගය. ප්‍රථම ස්ථාන තුනම ලබා ගෙන තියෙන්නේ දුරකථන සමාගම්.
මමත් මුලින් ඩයලොග් පාවිච්චි කරල Tigo වලට මාරු වුනේ තත්පරයට අය කිරීම ගැන හිතල. ඒත් මොබිටෙල් උපහාර පුදන්න පටන් ගත්තාට පස්සෙ මම මොබිටෙල් වලට මාරු වුනා. දැන් චණ්ඩියා වගේ හතර අතේ calls ගන්නවා.
Mobitel එක ඉස්සර නම් Balance Entitlement එක උදේ 10ට විතර එවුවා. ඒත් ලගදි ඉදල අපි නිදා ගන්නවට අකමැති හින්දද කොහෙද Balance එක දන්වන Massage එක එවන්නේ රෑ 12ට විතර. ඒක බැලුවාට පස්සෙ රෑට නින්ද යන්නෙත් නැහැ. ඒකත් අපේම පව.
ඒ මදිවට ලගදි ඉදන් ගෙදරට කණු( Tower ) දෙකකින් signal එනවා. වෙලාවකට එකකින් වත් නෑ. Call එකක් ගන්න ගියා ම එපා වෙනවා. හැම වෙලේම alert එනවා. යාළුවන්ගෙන් බැනුම් අහල ඉවරයක් නෑ. දැන් නම් එපා වෙලා තියෙන්නේ. උපහාර අත අරින්නත් බැහැ. Dual sim එකක් අරගෙන Dialog Sim එකකුත් දාගන්නත් හිතෙනවා. ඒත් Chinese ජරාව මට පේන්න බැහැ.
මගෙ යාළුවෙකුට නම් මෙහෙම වෙලා Mobitel එකට කතා කරලා අක්ක කෙනෙකුට හොදට අමතල තියෙනවා. පහුවදාම Mobitel එකේ Engineer කෙනෙක් ඇවිත් බැලුවලු. ඒත් අපි පොඩි එවුන්නෙ. හරියට බණින්නත් දන් නෑනේ. ඒක නිසා එහෙම කරන්නත් බැහැ. තව ටිකක් ඉවසල බලනවා. සමහර විට හරි යන්නත් පුළුවන්. බැරි ම වුනොත් Chinese Mobile පිහිට තමා.




0 comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාර දක්වන්න