Friday, November 6, 2009

නව නිර්මාණ කරුවන්ට Sony Ericsson Theme Creator

ජංගම දුරකථන ගැන කතා කරන්න ගියොත් ආයෙ දෙකක් නැහැ Sony Ericsson හෝ Nokia තමයි. කොච්චර Chinese දුරකථන ආවත් මේවාගේ තියෙන පහසුකම් ලගින්වත් තියන්න බැහැ.  මේ අතරින් Sony Ericsson ටිකක් විශේෂයි. Sony Ericsson දුරකථනයේ Sound Quality එක උපරිමයි. සාපේක්ෂව මිලත් සාධාරණයි. ඒ වගේම Sony Ericsson නව නිර්මාණ කරුවන්ට ඔවුන්ගේ දක්ෂතා එලි දැක්වීමට වැඩි සහයෝගයක් ලබා දෙනවා කියලා මට හිතෙනවා. Sony Ericsson ජංගම දුරකථන වල Theme තමන්ට කැමති විදියට වෙනස් කර ගන්න ඔවුන් Theme Creator මෘදුකාංගයක් ඔවුන්ගේ වෙබ් අඩවියෙන්ම ලබා දෙනවා. එමගින් ඔවුන්ගේ ඕනැම ජංගම දුරකථනයක් සදහා Theme නිර්මාණය කරන්න පුලුවන්. එසේම එම මෘදුකාංගය ඕනෑම අයෙකුට භාවිත කරන්න හැකි වන ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. එමගින් අපට අලුත් Theme නිර්මාණය කරන්න, නැතිනම් වෙනත් Theme එකක් අපට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්නත් පුලුවන්. අපි නිර්මාණය කරන Theme එකට අපේ විස්තර ඇතුලත් කරන්නත් පුලුවන් විදියට මේක හදල තියෙනවා. අපේ ජංගම දුරකථනය අපට අවශ්‍ය විදියට වෙනස් කරගන්න කියාපු මෘදුකාංගයක් මේක. මමත් මගේ ජංගම දුරකථනයේ පාවිච්චි කරන්නේ මම හදපු Theme විතරයි. මේ මම හදපු Theme එකක්. ඉගෙන ගන්න අමාරු නැහැ. තනිවම ඉගෙන ගන්නත් පුලුවන්. ඔයාලටත් මෙතනින් ඔවුගේ වෙබ් අඩවියට ගිහින් මෙම මෘදුකාංගය නොමිලේ Download කරගන්න පුලුවන්.


0 comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාර දක්වන්න