Tuesday, November 17, 2009

Torrent File Download කිරීම ආරක්ෂිත ද?

අපි කවුරුත් අපට අවශ්‍ය‍ Films, Software ආදිය Download කරන්න බහුලවම යොදා ගන්න ක්‍රමයක් තමා Torrent File. අපි මේකට Bit Torrent , utorrent වගේ මෘදුකාංග පාවිච්චි කරනවා. මමත් Film Download  කරන්න ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ Torrent තමයි. TorrentZ , Thepiratebay , Demonoid වැනි විවිධ අඩවි මගින් අපට Torrent File Download කරන්න පුලුවන්. මේ මගින් අපට අලුත් ම Software, Film ආදිය පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් වීම තමා ප්‍රධාන වාසිය. ඒ වගේම නීති විරෝධී වුනත් බොහෝ දෙනා පාවිච්චි කරන්නේ මේ අයුරින් Download කර ගත්ත Software තමයි.
මෙහිදි මම දන්න විදියට සිද්ධ වෙන්නේ අන්තර්ජාලයට යම් අයෙක් Torrent File එකක්  ඇතුළත් කල පසු වෙනත් අය Download  කිරීමේදී එම අය අතර Network  එකක් ඇතිවී එක් එක් අයගෙන් කොටස් වශයෙන් File එක Download වීමයි. එහිදී අප යම් කොටසක් Download කර ගත්තේ නම් වෙනත් අයෙක් එම Torrent File එකම Download කරන විට අප පරිගණකයෙන් ද වෙනත් අය වෙත එය කොටස් වශයෙන් යාමයි Peer To Peer Network  ලෙස හඳුන්වන්නේ මෙයයි.  එනම් මෙහිදී අපගේ පරිගණකයේ ඇති දත්ත වෙනත් අයට කියවීමට ඉඩ සැලසෙනවා. අපි පරිගණකයේ අපගේ වැදගත් පුද්ගලික තොරතුරු ගබඩා කොට ඇත්නම් එම තොරතුරු වෙනත් අප නොදන්නා අයකුට ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. එසේම අපට අනවශ්‍ය දේවල්ද මේ සමග අපගේ පරිගණකයට ඇතුලත් විය හැකියි.
මේ අයුරින් බලන‍ විට Torrent මගින්  කිරීමත් භයානක දෙයක් වගේ. නමුත් අපගේ අවධානය මේ පිලිබදව වැඩියෙන් යොමු කලොත් ආරක්ෂිත ව මේ කටයුත්ත කර ගැනීම අපහසු නැහැ.  iProtectYou Pro Web Filter  වැනි වැඩසටහන් මගින් අපට මෙවැනි Peer To Peer වැඩසටහන් වල අහිතකර තත්වය වලක්වා ගන්න පුළුවන්. 

0 comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාර දක්වන්න